රාජ්‍ය සේවකයන් විදෙස්ගත රැකියා සඳහා පිටත්ව යෑම ගැටලුසහගත තත්ත්වයක් බවට පත්ව තිබීම පිළිබඳව මාධ්‍ය වෙත කරුණු දක්වමින් හෙතෙම මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
විදෙස්ගත රැකියා සඳහා රාජ්‍ය සේවකයන් හට වසර 5 ක නිවාඩු කාලයක් ලබාදීමට රජය තීරණය කර ඇති බවට කැබිනට් පත්‍රිකා ගෙන ආවද අද වන විට එය පම්පෝරියක් පමණක් බවට පත්ව ඇතැයි හෙතෙම සඳහන් කරයි.
ලක්ෂ හතක් සිටිය යුතු රාජ්‍ය සේවයේ අද වන විට ලක්ෂ 16 පිරිසක් සිටිනවා. එම බරද ජනතා මත පැට වී තිබෙනවා. විදෙස්ගත ශ්‍රම වෙළෙඳපොළ තුළ රැකියා අවස්ථා සඳහා පිටත්ව යාමට අවස්ථාව හිමි කර දීම කාලෝචිතයි. නමුත් රාජ්‍ය මැදිහත්වීම තුළ ශ්‍රම වෙළෙඳපොළ රැකියා සඳහා රාජ්‍ය සේවකයන් යොමු කිරීමේ වගකීම විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත්ව ඉටු කළ යුතුයි.
මේ හැම රාජ්‍ය සේවකයකුටම නැන්දා මාමා බාප්පා පුංචි අම්මා වගේ අය පිට රටවල නෑ. වර්තමානය තුළ මිනිස් ශ්‍රම ජාවාරමක් ද සිදුවෙමින් පවතිනවා. එහෙයින් රජයේ මැදිහත්වීම තුළ මෙම ක්‍රමවේදය සකස් කිරීමට හැකියාව ඇත්නම් වගකීම් සහිත විදෙස්ගත රැකියාවක් සඳහා පිටත්ව යාමට රාජ්‍ය සේවකයන් හට හැකියාව ලැබෙනවා.
අද වෙන විට නිල නොවන ලෙස රාජ්‍ය සේවකයන් කුලී සේවාවන් වල නිරත වෙනවා. රජ්‍ය සේවක මාසික වැටුප දින දහයක් සඳහා ජීවත් වීමට වත් අද ප්‍රමාණවත් නෑ. මෙවැනි තත්ත්වයක් මත විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින රජ සෙවන සඳහා රජයේ මැදිහත්වීම තුළ විදෙස් රැකියා වෙළදපොල අවස්ථා ලබා දෙන්නේ නම් රාජ සේවකයන්ට මෙන්ම රටට ද හිතකර තත්ත්වයක් උදාවන බව අජිත් කළුආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.
අනුරාධපුර කිත්සිරි වනසිංහ