ඔඩු දුවන අලි මිනිස් ගැටුම


 

අලි මිනිස් ගැටුම හේතුවෙන් පසුගිය 2021 වර්ෂය තුළ පමණක් අලි වෙඩි සඳහා රජය රුපියල් මිලියන 180 ක මුදලක් වැය කර ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුවේ අනුරාධපුර අඩවි ආරක්ෂක රත්නසිරි පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

හෙතෙම මේ බව සඳහන් කළේ අනුරාධපුර දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා ආපදා කළමනාකරණ කළමනාකරණ මධ්‍යස්ථානය මගින් අනුරාධපුර රන්දිය හෝටලය පවත්වන්නට යෙදුන දේශනයකට එක්වෙමිනි.

වර්තමානය වන විට අලි මිනිස් ගැටුම ඉතා උග්‍ර අතකට පත්ව ඇති බවත් වන සතුන්ගේ වාස භූමි ජනතාව විසින් ආක්‍රමණය කිරීම මෙම ගැටුමට මූලික හේතු වී ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

වන අලින්ගේ ගමන් මාර්ග අහුරා දැමීම, වැව් තාවුලු සීමාවකින් තොරව එළි පෙහෙළි කිරීම,දේශපාලන අතපෙවීම්,වන සතුනට සමබර ජීවන රටාවක් පවත්වාගෙන යෑමට ඉඩ නොදීම වැනි කාරණා අලි මිනිස් ගැටුමට වර්තමානය වන විට බලපා ඇති ප්‍රධානතම හේතු සාධක ලෙස හඳුනාගෙන ඇතැයි රත්නසිරි පෙරේරා මහතා සිය දේශනයේ දී පැවසීය. 

                                                                                                                            අනුරාධපුර කිත්සිරි වනසිංහ

Post a Comment

Previous Post Next Post