කැදැල්ල හිස් වීමේ සංකූලතාව,සෞඛ්‍ය ප්‍රශ්න,පෝෂණ මට්ටම,තාක්ෂණික ගැටලු,ප්‍රවාහන ගැටලු,අනාරක්ෂිත බව හා තම දරුවන්ගේ ගැටලු හේතුවෙන් වත්මන් සමාජයේ වැඩිහිටියන් දැඩි පීඩනයකින් පසුවන බව තමන් හඳුනාගෙන ඇතැයි වයස්ගත වූවන් සඳහා ප්‍රජා සංවර්ධන ආයතනය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා මෙතෝලිස්ත සභාව මගින් පවත්වාගෙන යනු ලබන ඩෙෆ්ලින්ක් ආයතනය මගින් පසුගිය දා අනුරාධපුර රන්දිය හෝටලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය විය.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ පාලනය වන රාජ්‍ය නොවන සංවිධානයන්හි දිස්ත්‍රික් සම්බන්ධිකරණ නිලධාරී සුමිත් රත්නායක මහතා මාධ්‍ය හමුවට එක්වෙමින් මෙම කරුණු අනාවරණය කළේය.
වර්තමානයේ රට තුළ උද්ගතව ඇති ආර්ථික ගැටලු හමුවේ වයස්ගත වූවන් දැඩි සේ පීඩාවට පත්ව ඇති බවත් ඔවුන්ගේ සැඳෑ සමය යහපත්ව ගත කිරීමට ජාතික වශයෙන් පුළුල් වැඩසටහනක අවශ්‍යතාවය පවතින බව හෙතෙම මෙහිදී අනාවරණය කළේය. ඩෙෆ්ලින්ක් ආයතනය හරහා අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් හතළිහක් මුල් කරගෙන සිදුකෙරෙන ප්‍රජා සත්කාරයන් තුළින් මෙම කරුණු අනාවරණය කර ගත් බවත් සුමිත් රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.
අනුරාධපුර කිත්සිරි වනසිංහ