තම ව්‍යාපාර මගින් උපයන ධනයෙන් වැඩි කොටසක් සමාජ සත්කාරයන් වෙනුවෙන් කැප කරන තරුණයෙකු අනුරාධපුර හොරොව්පතාන ප්‍රදේශයෙන් හමුවිය.
අක්කර 100, හොරොව්පතාන පදිංචි ඔහු නමින් අතුකෝරළගේ අනුරාධ සම්පත් ය. වයස අවුරුදු 24 දී පමන ව්‍යාපාර ලෝකයට පිවිසෙන ඔහු ලෝකයට පිවිසෙන ඔහුට දැන් වයස අවුරුදු 44 කි.
ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවෙකු ලෙස ඉදිකිරීම් ක්ෂේත්රයට අවශ්‍ය යන්ත්‍රෝපකරණ කොන්ත්‍රාත් කරුවන් වෙත සැපයීම සිය වෘත්තිය ලෙස ඔහු ආරම්භ කරයි. එක් ඩෝසර් යන්ත්‍රයකින් සිය ව්‍යාපාර ගමන ආරම්භ කරන ඔහු අද වන විට විවිධ වූ යන්ත්‍රෝපකරණ 60 ක තනි අයිතිකරුවෙකි.
තමන් පැමිණි කටුක ගමනේ ප්රතිලාභ සමාජ සත්කාරයන් වෙනුවෙන් වෙන් කිරීම තම ජීවිතයේ එක් කොටස කරගෙන තිබීම හොරොව්පතාන ප්‍රදේශයේ ජනතාව ලද භාග්‍යයකි. දැනට වසර 20 ක පමණ කාලයක සිට තමන් ඉටුකර ගෙන ආ සමාජ සත්කාරයන් වඩාත් තීව්රර කරමින් හොරොව්පතාන ප්‍රදේශයේ පොදු පහසුකම් සංවර්ධනයෙහිලා නිරතව සිටී.
ඔහුගේ ධනයෙන් මේ වන විට පාසැල් හා ක්‍රීඩා සමාජ 28 ක ක්‍රීඩා පිට්ටනි නවීකරණය කර දී තිබේ. ඒ අතර ප්‍රදේශයේ මාර්ග කිලෝමීටර් හතලිස් හතරක් ද සකස් කර ඇත. තවද නිවාස නැති වුන් සඳහා නිවසක් තනා දීම, අගහිගම්කමින් පෙලෙන පාසල් ළමුන් සදහා ඉගෙනුම් ආධාර ලබා දීම වගේම නැතිබැරි පිරිස් සඳහා ආධාර කිරීම තම ජීවිතයේ එක් අංගයක් කොට ගෙන තිබේ.
මේ අනුරාධ සම්පත් කියන කතාවයි.
මගෙ දෙමාපියන් හරිම දුප්පත්. එයාලා අපිට යහගුණ කියලා දුන්නා. අපි ඉස්කෝලෙ ගියේ අංඬ මහපු කලිසම ඇදගෙන. සෙරෙප්පු දෙක දාගෙන. අගහිග කම් රාශියක් මැද්දෙ. එනිසාම පාසල්වල අඩුපාඩු හැකි පමනින් සම්පූර්ණ කිරීමට මම වැඩි අවධානයක් යොමු කරනවා.දිනකට මම ලක්ෂ හතරක් හෙව්වොත් ඉන් දෙකක් වියදම් කරන්නේ සමාජ කටයුතු සඳහා.පුදුම සැනසීමක් තියෙන්නෙ. ඒ නිසාම වෙන්න ඇති මට කවදාකවත් වැඩ අඩුවෙලා නෑ. ලැබීම් අඩු වෙලත් නෑ. වෙන අයට වගේ ආර්ථික ප්‍රශ්නයකුත් නැහැ. මේ වෙනකොට සමාජ සත්කාර වෙනුවෙන් රුපියල් කෝටි ගණනක් මම වියදම් කර තිබෙනවා.
හොරොව්පතාන රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති වැලිමුවපොතානේ පියරතන හිමියන් අදහස් දක්වමින්. මේ තරුණයා හොරොව්පතාන ප්‍රදේශයට සම්පතක්.හැම මොහොතකම බලන්න කාට හෝ උදව්වක් කරන්න. වෙන ව්‍යාපාරිකයින් තමන්ගේ ගොඩ සවර්ධනය කරගන්න කොට මොහු තමන්ගේ ගොඩ සමාජයට මුදා හරිනවා. මේවා තමා මාහැගි පිංකම්.
හොරොව්පතාන සිද්ධාර්ථ මහ පිරිවෙන් පරිවේණාධිපති උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක අලුවිහාරේ විමලරතන හිමි.
ගම, පාසල, පන්සල, දුගී මගියා,අසරණයා,හොදින් හදුනන ගුණවත් තරුණ ව්‍යාපාරිකයෙක් හැටියට අනුරාධ සම්පත් තරුණයා හඳුන්වා දිය හැකියි. රැස් කිරීම නොව මොහු තෝරාගෙන ඇත්තේ අස් කිරිමය. අනුන්ට දීම තුළ එක් යන්ත්‍රයකින් ආරම්භ කළ ව්‍යාපාරය ජයන්ත සූත්‍රය හැටකට වැඩි ප්‍රමාණයක හිමි කරුවෙක් බවට පත්කර තිබෙනවා.ඔහු තම සමාජ මෙහෙවර යෙදෙන්නට තුනුරුවනේ සරණ අපි ප්‍රාර්ථනා කරනවා
අනුරාධපුර කිත්සිරි වනසිංහ