යුක්රේනයට තව තවත් අවි ආයුධ සැපයීමට නේටෝ සංවිධානය ඉදිරිපත් වෙයි. රුසියානු ප්‍රහාර හමුවේ විනාශ වූ යුක්රේනයේ බලශක්ති යටිතල පහසුකම් සංවර්ධනයටද නේටෝ සංවිධානයේ සහාය ලැබෙනු ඇත. පසුගියදා පැවති සමුඵවකදි නේටෝ සංවිධානයේ හමුදා සන්ධානයේ මහලේකම්වරයා පැවසුවේ රුසියාව ශීත සෘතුව යුද අවියක් ලෙස යොදාගෙන ඇති බවයි. රුසියානු හමුදා එල්ල කළ මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් යුක්රේනයේ ලක්ෂ ගණනක ජනතාවක් විදුලිය නොමැතිව පසුවෙති. පවතින ශීත දේශගුණය හමුවේ ඔවුන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බව වාර්තා වෙයි.
Tags
International News