ඔඩු දුවන ඖෂධ හිඟය

 


තුවාල රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා යොදා ගන්නා  බෙතඩීන් දියරය අනුරාධපුර ශික්ෂණ රෝහල තුල නොමැතිකමින් රෝහල අවට ඇතැම් ඖෂධ හල් හිමියන් මිලි ලීටර් 50 ක ඇසුරුම රුපියල් 1130.00 මුදලකට විකිණීම හේතුවෙන් රෝගීන් දැඩි අසීරුවකට පත්ව ඇත.  

තුවාලයක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ප්‍රතිකාර  සදහා ඇතුළුවන ඕනෑම රෝගියෙකු හට පිටතින්  බෙතඩීන්  දියරය රැගෙන එන ලෙසට රෝහලින් ලැබෙන ඖෂධ ඇනවුමක් (තුන්ඩුව) නිකුත් කරනු ලබයි. එය එසේ කරන්නට සිදුව ඇත්තේ රෝහල සතුව බෙතඩීන් නොමැතිකම හේතුවෙනි.  රෝහලේ පවතින බෙහෙත් හිඟයට මුවාවී රෝගීන් ගෙන් අධික මුදල් ගසාකෑමක් මෙලෙස සිදු වෙමින් පවතින බව වාර්තා වේ. 

මහ ජනතාව එසේ කිව්වද ඔසුසල් අයිතිකරුවන් පවසන්නේ කිසිදු ඖෂධයක් වැඩි මිල ගනන් යටතේ අලෙවි නොකරන බවයි.  අනුරාධපුර ශික්ෂණ රෝහලේ පවතින ඖෂධ හිඟයට නිසි විසදුම් ලැබෙන තුරු  රෝහලේන් වෛද්‍ය සේවාවන් ලබාගන්නා ජනතාව පත්වන අපහසුතාවයන් වළක්වා ගැනීමට හැකියාවක් නොවුණු ඇත.

                                                                                                                   අනුරාධපුර කිත්සිරි වනසිංහ

Post a Comment

Previous Post Next Post