ලංකාවේ වායු දූෂණය වැඩිම නගරය මහනුවර ලෙස හදුනාගෙන ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පුහුණු අධ්‍යක්ෂ සුගත් දිසානායක මහතා සඳහන් කරයි.
ආපදා කළමනාකරණය පිළිබඳව අනුරාධපුර දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා අනුරාධපුර රන්දිය හෝටලයේ පැවතී වැඩමුළුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.
මහනුවර නගරය කඳු පංතියකින් වට ව පැවතීමත් වැඩි රථ වාහන සංඛ්‍යාවක් සහ වැඩි ජනගහනයක් මහනුවර නගරයට දෛනිකව සේන්දු වීමත් මෙම තත්ත්වයට බලපා ඇතැයි හෙතෙම සඳහන් කරයි.
විදුලි පංකා භාවිතය අඩු නගරයක් ලෙස සැලකුනු මහනුවර නගරය තුල වර්තමානය වන විට විදුලි පංකාව නැතිවම බැරි නගරයක් බවට පත්ව ඇති අතර මහනුවර නගරය සීමිත භූමි ප්‍රමාණයක පිහිටීමද මෙම තත්ත්වයට දැඩිව බලපා ඇතැයි සුගත් දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.
කිත්සිරි වනසිංහ