අනියම් බිරිඳගේ දියණියගෙ හිරිඔතප් බින්ද කොස්තාපල් මහ මුළු ගෙදරට

 



අනියම් බිරිඳගේ  15 හැවිරිදි බාල වයස්කාර දැරියට   අවස්ථා කිහිපයකදී බර පතල ලෙස දූෂණයට ලක් කිරීමේ  චෝදනාවක් සම්බන්ධයෙන් තන්තිරිමලේ පොලිසිය මගින්  සැකපිට  අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කල පොලිස් කොස්තාපල්වරයෙකු දෙසැම්බර් මස 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත  කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය පසුගියදා  නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ වව්නියාව ඊච්චන්න්කුලම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන තන්තිරිමලේ ගෙවල් 25, කුඩාමල්කඩුව ලිපිනයේ පදිංචිකරුවෙකු වන ගාමිණි විජේසිංහ නැමැති 54 හැවිරිදි  පොලිස් කොස්තාපල්වරයෙකි.

දැරිය පාරිවාස බාරයට පත් කර දැරිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් මී ළග නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙදසටද තන්තිරිමලේ පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට තවදුරටත් නියෝග කරනු ලැබුවාය..

සැකකාර  කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කරමින් තන්තිරිමලේ පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය සඳහන් කළේ, පොලිස් කොස්තාපල්වරයෙකු සිය අනියම්  බිරිඳගේ  බාල වයස්කාර දියණියක් අවස්ථා කිහිපයකදී  දූෂණය කර ඇති බව දන්වමින් අදාළ දැරිය ඉගෙනුම ලබන පාසලෙන් නිර්නාමික ලිපියක් තන්තිරිමලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නිලංග ප්‍රනාන්දු මහතාට ලැබුනු බවයි.

ඒ අනුව එකී ලිපියේ සදඟන් කර තිබූ කරුණු ඔස්සේ මූලික විමර්ශන ආරම්භ කර සැකකරු අත් අඩංගුවට ගත් බවද පොලිස් නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය .

සැකකරුට  නිත්‍යානූකූල විවාහයේද දරුවන් සිටින බවද අධිකරණයට කියා සිටී පොලිස් නිලධාරීන් ඊට අමතරව ඔහුට අනියම් බිරියක් සිටින බවත් ඇයටද මෙම සැකකරුට දාව  දරුවන් සිටින බවත් කීවේය.

මෙ සැකකරු විසින් බරපතල ලෙස දූෂණය කර ඇත්තේ ඔහුගේ අනියම් බිරියගේ වයස අවුරුදු 15 යි මාස 11 ක් පමණ වන බාල වයස්කාර දැරියක බවද අධිකරණයට කියා සිටි පොලිස් නිලධාරීන් සැකකරු විසින් දැරිය බරපතල ලෙස දූෂණය කර ඇති බවට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් සිදුකළ  වෛද්‍ය පරික්ෂණයේදී තහවුරු කර ඇති බවද ප්‍රකාශ කළේය.

පැමිණිල්ල වෙනුවෙන් තන්තිරිමලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පාලිස් පරික්ෂක නිලංග ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත එම පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයේ පොලිස් සැරයන්වරුන් වන (78006) ආර් සී කේ රත්නායක සහ (54774)  පී. ඩබ්. අයි. ඒ දිසානායක යන මහත්වරුන් පෙනී සිටි අතර  සැකකරු වෙනුවෙන් නීතිඥ කාලිංග රවින්ද්‍ර මහතා පෙනී සිටියේය.

මෙම අතර මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ සේවය වාහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවීමට  පියවර ගන්නා ලෙසට නිර්දේශ කරමින් ඊච්චන්කුලම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සනත් පිඥ්ඥෝ මහතා විසින් වව්නියාව  සහකාර පොලිස් අධිකාරි මල්වලගේ මහතාට ලිඛිතව දන්වා යවා ඇත.

                                                                                                                               අනුරාධපුර බී.ජී. චතුරංග 

Post a Comment

Previous Post Next Post