කැනඩාවේ සිහින මවා ලක්ෂ 17 ක් වංචා කරලා

 



කැනඩා රටේ රැකියාවක් ලබා දෙන බවට පවසමින් පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 17 ක මුදලක් වංචා කර සැගව සිටින  පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කළ බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

තම ස්වාමි පුරුෂයා හට කැනඩාවේ  රැකියාවක් ලබා දෙන බව පවසා පුද්ගලයෙකු මෙම මුදල ලබා ගත් බවට අනුරාධපුර  තුන්වන පියවරේ පදිංචි කාන්තාවක් සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව පොලිසිය කියයි.

සැකකරු  හඳුනා ගෙන ඇති බවත් මුදල් ලබා ගෙන  නැවත එම මුදල් ලබා නොදී වංචා කර විශ්වාසය කඩ කිරීම  යටතේ අත්අඩංගුවට  ගැනීමට නියමිත  බවද පොලීසිය සඳහන් කළේය.

අදාළ සිද්ධිය  සම්බන්ධයෙන් අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශයේ  නිලධාරීහු පිරිසක් වැඩි දුර විමර්ශන සිදු කරති.

                                                                                                                            අනුරාධපුර බී.ජී. චතුරංග 

Post a Comment

Previous Post Next Post