වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ හඳුනා ගෙන එප්පාවල ප්‍රදේශයේ පාසලක 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකගේ නිවසට පැමිණ ඇගේ දෘශ්‍යාබාධිත මවට හොරෙන් එම දැරිය දූෂණයට ලක් කර පලා ගොස් දැරිය මග හැර සිටි පොලොන්නරුව ප්‍රදේශයේ 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භ කල බව එප්පාවල පොලිසිය පවසයි.
මෙම සැකකාර පාසල් ශිෂ්‍යා අරලගන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ද පොලිසිය කියයි.
සූම් තාක්ෂණය ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදු කර ගෙන යාම සඳහා ලබා දුන් ජංගම දුරකථනය භාවිතා කර අධ්‍යාපන කටයුතු සිදු කරන අතරවාරයේදී අහඹු ලෙස වට්ස්ඇප් මාර්ගයෙන් මෙම සිසුවා සමග මිතුරුකමක් ඇතිකර ගත් බව දැරිය ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වූ බව පොලිසිය කියයි.
වින්දිත දැරිය ගේ පියා මීට වසරකට පමණ පෙර හදිසි රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වීම හේතුවෙන් තම දෘශ්‍යාබාධිත මව සමග දැරිය නිවසේ තනියම ජීවත්ව සිටින අතරතුර ඇගේ නිවසේදී මෙලෙස ස්ත්‍රී දූෂණයට ලක්ව ඇති බව පොලීසිය අනාවරණය කර ගෙන තිබුණි.
සැකකාර පාසල් සිසුවා හඳුනා ගෙන දැනට මාස අටක් පමණ වන බවත් ඔහුගේ දැඩි ඉල්ලීම මත සහ තමාගේ කැමැත්ත මත පසුගිය දිනක රාත්‍රී කාලයේ නිවසට පැමිණි සැකකරු සමග, මවට හොර රහසේ ලිංගිකව හැසුරුණු බව දැරියගේ ප්‍රකාශ වල සටහන්ව ඇතැයි පොලිසිය කියයි.
වින්දිත දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිතව ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවද පොලිසිය කියයි.
අනුරාධපුර චතුරංග