යතාර්ථයෙන් මිදුන සමාජය උදෙසා... මම නොදුටු මල්....

 යතාර්ථයෙන් මිදුන සමාජය උදෙසා...

  මම නොදුටු මල්....




සර් මම ඉයියෙ රෑ මහත්තයා එක්ක හොදටම රංඩු වුනා.ඒ මිනිහ එක්ක ඉන්න බෑ. හැල හොල්මනක් නෑ . ටැබ තිබ්බ වගේ කතාවක් නැ. ඔහේ කල්පනා කර කර ඉන්නව. සතයක් දෙන්නෙත් නෑ .  නිකමෙක් වගේ මිනිහෙක් ගෙන් ඇති  වැඩේ මොකක් ද සර්. 

නගරයේ රෙදිපිළි අලෙවි සලක සේවිකාවක් වන ඇය දෙදරු මවකි. දෙදහස් දාහතර වර්ෂයේ අග භාගයේ දී ඇය හමුවන විට කලා අංශයෙන් උසස් පෙල විෂය ධාරාව හදාරන 13 වසරේ සිසුවියකි. ටැබ වගේ යැයි කියූ ස්වාමියා රජයේ කන්තෝරුවක ලිපිකරුවෙකි.

මුලදි තිබුන කුලප්පුව ඒ මිනිහ ළඟ දැන් නෑ. නමට මිනිහෙක් මොකට ද හා නැද්ද සර්.මම හරි නේද. දැන් මාස දෙක තුනක ඉදල සතයක් දෙන්නෙ නෑ .මගෙන්ම කාල ඉන්නව. දැන් නම් ඇස් දෙකට පේන්න බෑ. කරුමෙ කියන්නෙ අයින් වෙලාවත් යන්නෙ නෑනි. මට යන කේන්තිය හැටියට මොකෙන් මොකක් වෙයිද දන්නෙ නෑ . 

ඇය ගැන බොහෝ තොරතුරු දන්නා හෙයින් කොහොමද පුතේ යැයි ඇසූ ප්‍රශ්නයට ලැබුන පිලිතුරු වැළකි .

මුහුණට මුහුන හමු වූ නිසාම කතා නොකර යන්න මොකක් දෝ වගේ. අඩ හෝරාවකට මිනිත්තූ පහක් පමන අඩුවෙන් ඇයගේ අඳෝනාව අසා සිටියෙමි. කේන්තිය හරි භයානකයි ඒ නිසා ඉවසීමෙන් ඉන්න.වෙන කියන්නට දෙයක් නොතිබුණි. මම යන්නම් සර්. සර් කෝච්චියක් ළඟ නතර වුනා වගේ හිතේ ඇති නේද.ඇසට ඇස එල්ලයට ගෙන සෙමින් අසයි. දිගැටි ඇස් ,මුතුවන් දත් දෙපළ, මහගිරි දබේ නෙලූ අප්සරාවක් වන් රූපත්තිය. එක වරම දන නමා වදින්නට විය. දිගටි සායට ඉගට මදක් උස් වූ වයි වාරණ හැට්ටයක් වැනි ඇඳුමකින් ලමැද වසාගෙන සිටි ඇය කෙලින් සිට ගන්නා විට නාබිය මුල සමනලයෙක් සිත්තම් කර තිබුනි. වසර විස්සක පතතර කලාවේ යෙදුන නිසාදෝ විමසිලිමත් ඇස නිසාම එයද ඇස ගැටෙන්නට ඇත. ඇය නික්ම යයි....

තම ස්වාමියාට වරද පැටවූ ඇය නගරයේ කඩ සාප්පු අයිතිකාරයන් තිදෙනෙක් සමග දහ අට නැටුම් නටනා බව හොදින්ම දනී. අත මිටද සරුය. අනන්ගයන්ගේ ද අඩුවක්ම නැත. අවස්තා කිහිපයක දී එම ඳල ඇත්තුද කුනු කයක් වෙනුවෙන් කඩු කිනිසි අරගන්නටද විය. ඒ බව ඇගේ ස්වාමියාද හොදාකාරවම දනී. ඒ අහේතුක සිදුවීම් නිසාදෝ ඔහු නිහඩ ජීවිතයක් ගත කරන බව දැනේ... 

කලකට ඉහත දී අහම්බෙන් මුන ගැසුන ස්වාමියා ආගිය කතා කියන අතරවාරයේ සර්ට කියන්න දෙයක් නෑනි අපේ ජීවිත ගැන කියමින් ලැජ්ජා සහගත වචනවක් මුවින් මුදා හැරියේ අහස මහ පොලට ගැට ගසන්නට බැරිය කියන හැගීමෙනි.

හැට හතර මායම් දන්නා ගැහැනිය කොයි මොහොතේ වුවද සමාජ අනුකම්පාව දිනා ගැනීමට සමත්‍ ය. රාගයෙන් පෙලෙන සමාජගත උම්මත්තකයන් නිසා ගැහැනිය තමන් දිනෙන් දින මිල ඉහල යන අත්‍යාවශ්‍ය භාණ්ඩයක් යැයි අධිතක්සේරුවක සිටී. නීතියේ රැකවරනය ද ඇයට වැඩිය. 


හෙටත් හමුවෙමු .....අලුත් අනාවරනයක් සමග.

                                                                                                                                        කිත්සිරි වනසිංහ

Post a Comment

Previous Post Next Post