වයස අවුරුදු 15 ක බාලවයස්කාර පාසල් දැරියක් සමඟ ප්‍රේම සබඳතාවයක් පවත්වා ගෙන යමින් එම දැරිය ර,වටා ගෙන ගොස් ස්ත්‍රී දූෂණයක් සිදු කල තරුණයෙකු අත්අඩංගුවට ගත් බව මඩාටුගම පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සීගිරිය, කලාපුරය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 ක තරුණයෙකු බව පොලීසිය කියයි.
වින්දිත දැරිය පසුගිය දිනක පාසල් යන ලෙස නිවැසියන්ට පවසා නිල ඇඳුමෙන් සැරසී ගොස් මඩාටුගම තැපැල් කාර්යාලය අසලට පැමිණ සැකකරුට අයත් ත්‍රිරෝද රථයට නැග ඔහුගේ මිතුරකුගේ නිවෙසට ගිය අවස්ථාවේදී ස්ත්‍රී දූෂණයට ලක්ව ඇතැයි කියයි.
අත්අඩංගුවට පත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් මඩාටුගම පොලීසිය වැඩිදුර පොලිසිය වැඩි දුර විමර්ශන සිදු කරනු ලබයි.
අනුරාධපුර විශේෂ - බී.ජී.චතුරංග