ඉපලෝගම පොලිසියට අනියුක්තව රාජකාරි සිදු කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු රුපියල් 30,000 ක අල්ලසක් ලබා ගැනීමේදී පස්වරුවේ අල්ලස් සහ දූෂණ දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉපලෝගම පොලිසියේ දුෂණ මර්දන අංශයට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකි.
නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකු ගෙන් රුපියල් 30,000ක මුදලක අල්ලසක් ලබා ගැනීමේදී, ඉපලෝගම ශාන්තගම ප්රදේශයේදී පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම අල්ලස ලබා ගැනීම සදහා එම කොස්තාපල් වරයාට ආධාර අනු බල දුන් උප පොලිස් පරීක්ෂකවරයා ඉපලෝගම පොලිසිය තුළදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
අල්ලස් සහ දුෂණ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඒ. එස්. කේ. වීරතුංග මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වැඩි දුර විමර්ශන සඳහා කැකිරාව පොලීසිය වෙත භාරදී තිබුණි.
අනුරාධපුර විශේෂ බී.ජී. චතුරංග