වයස අවුරුදු 15 ක බාලවයස්කාර පාසල් දැරියක් නිත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්s බව ඇලයාපත්තුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ දිවයිනේ ප්‍රසිද්ධ ගෟහ විදුලි උපකරණ ආයතනයක අනුරාධපුර ශාඛාවේ සේවයේ නියුතු විසි හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි.
වින්දිත දැරියට වයස අවුරුදු 1දී මව හැර යාම හේතුවෙන් එතැන් සිට තම මිත්තණිය භාරයේ සිට ඇති බවත්, දැනට මාස 10කට පෙර සැකකරු දැරිය සමග ප්‍රේම සබඳතාවක් ඇති කරගෙන දැරිය රවටා මෙම අපරාධය සිදු කර ඇති බව අනාවරණය වූ බව පොලීසිය කියයි .
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (2දා ) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් ඇලයාපත්තුව පොලිසිය වැඩි දුර විමර්ශන සිදු කරනු ලබයි.
අනුරාධපුර - බී.ජී.චතුරංග